පයිතන් වැඩසටහන මගින් වැඩ ඇරඹීම.

පරිගණකයේ ස්ථාපනය කරල තියෙන මෙහෙයුම් පද්ධතිය windows 7 නම්,
Start > all programs > python 3.4 > python idle
Start > search > python

පරිගණකයේ ස්ථාපනය කරල තියෙන මෙහෙයුම් පද්ධතිය windows 8,8.1නම්,
Start > search > python
ලෙස python වැඩසටහන open කර ගන්න පුලුවන්.

Python වැඩසටහන open කර ගත්තට පස්සෙ දැකගන්න පුලුවන් පෙනුම තමා ඔය පහලින් දාල තියෙන්නෙ.මෙකෙදි ලැබෙන්නෙ python shell එකයි.

python පරිගණක භාෂාවේ ඇති විශේෂතා

  • නවකයෙකුට වුවද පහසුවෙන් ඉගෙනීමට හැකිවීම.
  • මෙහිදී භාවිතා වන කේතයන් ඉංග්‍රීසි භාෂාවට සමීපවන නිසා ඒවා ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට පහසු වීම.
  • දත්ත ගොනු හැසිරවීමේ හැකියාව ඇති නිසා ව්‍යාපර ආයතන සදහා භාවිතකළ හැකිවීම.

පයිතන් පරිගණක භාෂාව පරිගණකයේ ස්ථාපනය කරන ආකාරය

    පයිතන් පරිගණක භාෂාව ඔයලගෙ පරිගණකයේ ස්ථාපනය කරගන්න නම් ඒකට අදාළ setup වැඩ සටහන ඔයාලගෙ පරිගණකයේ තියෙන්න ඕනෙ.ඒක www.python.org වෙබ් අඩවියෙන් download කරගන්න පුලුවන්.

Python පරිගණක භාෂාව 

                               පයිතන් පරිගණක භාෂාව 90 දෂකයේ මුල් භාගයේදී නෙදර්ලන්තයේ National Research Institute For Mathematics And Computer Science (CWI) හි Guido Van Rassum විසින් නිර්මාණය කරන ලදි.මෙය ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් වන අතර අර්ථවින්‍යාසක භාවිතා කරයි.මෙය පටිපාටිගත භාෂාවක් වන අතරම වස්තුගත භාෂාවක් ලෙස ද භවිත කළ හැකිය.මෙම භෂාවේ විවිධ මුදාහැරීම් ඇති අතර www.python.org වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාගත හැකිය.